කොරෝනා මළසිරුරු භූමිදානයට එරෙහිව විරෝධතාවයක්.
කොරෝනා ආසාදිත මළ සිරුරු කිළිනොච්චිය ඉරනතිව් දූපතේ වළදැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එම දූපත්වාසීන් අද (03) දිනයේ විරෝධතාවයක නිරත වීමට සැලසුම් කර තිබේ. කොරෝනා ආසාදිත මෘත ශරීර වළ දැමීම සඳහා ඉරනතිව් දූපත හඳුනාගෙන ඇති බවට ඊයේ (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය. ඊට විරෝධය පලකරමින් අද දිනයේදී ඉරණතිව් දූපත්වාසීන් විරෝධතාවක් සැලසුම් කර ඇති බවට වාර්තා වනවා.
ඉරණතිව් දූපතේ මේ වන විට පවුල් 108කට අයත් පුද්ගලයින් 335 දෙනෙකු වාසය කරන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තය යි. යුද්ධයෙන් අනතුරුව 2017 වසරේ දී දුෂ්කරතා රැසක් හමුවේ එම දූපත්වාසීන් සිය ජීවිකාව සිදුකරමින් පවතී. කෙසේවෙතත් මේ දක්වාත් දූපතේ කිසිදු පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරු තම දූපතේ භූමදානය කිරීමට තමන් දැඩි විරෝධයක් දක්වන බව ඔවුන් පවසති.