බටහිර පර්යන්තයට ආයෝජනය සදහා ඉන්දියාවෙන් සහ ජපානයෙන් යෝජනා

India Japan
By Thaya Feb 15, 2021 06:39 PM GMT
Report

කොළඹ වරායේ බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ආයෝජනය සදහා ඉන්දියාව සහ ජපානය විසින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධව ඉදිරි පියවර සාකච්ඡා කිරීමට කැබිනට් අනු කමිටුව අද රැස්වීමට නියමිත බවයි එම කමිටුවේ සභාපති වරාය අමාත්‍යංශයේ ලේකම් යූ ඩී සී ජයලාල් මහතා සඳහන් කලේ. මෙම ආයෝජනය මෙරටට කෙලෙස වාසි දායක වන්නේද යන්නෙන් එහිදී සළකා බැලීමට නියමිත බව ඔහු කියා සිටියා. සාමාජිකයන් 07 දෙනෙකු මෙම කමිටුවට ඇතුළත් වන අතර හැකි ඉක්මණින් එම වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.