ජාත්‍යන්තර ප්‍රවාහන දිනට සමගාමීව වැඩ සටහන් රැසක් ...

Transport
By Thaya Mar 05, 2021 07:41 PM GMT
Thaya

Thaya

Report

රථවාහන මගින් පිටවන දුමාරය හේතුවෙන් වායු දුෂණයක් සිදු වන බැවින් එම තත්ත්වය අවම කර ගැනීමට පැල පන් දහසක් රෝපණය කිරිමේ ව්‍යාපෘතියක් ප්‍රවාහන අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ආරම්භ කල බව ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මහතා පවසයි. ජාත්‍යන්තර ප්‍රවාහන දිනය සැමරිම සඳහා “බසයට පැලයක්‘ ‘වාහනයට පැලයක්” වන තේමාව පෙරදැරිව පරිසර දූෂණය අවම කිරිම සඳහා දායකත්වය ලබාදීමට පියවර ගන්නා බව පැවසු වේ ප්‍රවාහන ඇමතිවරයා අද දිනයේ පැලයක් සිටුවමිණී මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා ජාත්‍යන්තර දිනයට සමගාමීව ප්‍රවාහන අමාත්‍යංශය මගින් අදසිට වැඩ සටහන් රැසක් ක්‍රියාවට නංවන අතර එය නොකඩවා ක්‍රියාත්මක කිරිමට සියළු දෙනා වගබලා ගත යුතු බවද පැවසුවේය

ප්‍රවාහන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය,ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, 3ණ ව්‍යාපෘතිය, කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය (බස්නාහිර පළාත) යන ආයතනය සහ ව්‍යාපෘතින්ගේ දායකත්වයෙන් පහත ක්‍රියාකාරකම් සිදු කරනු ලැබීය.

ජාත්‍යන්තර ප්‍රවාහන දිනය සැමරිම සඳහා “බසයට පැලයක්‘ ‘වාහනයට පැලයක්” වන තේමාව පෙරදැරිව පරිසර දූෂණය අවම කිරිම සඳහා දායකත්වය ලබා දීම. අමාත්‍යතුමා සහ ආයතන ප්‍රධානීන් විසින් රුක් රෝපණය සිදු කිරිම,මාකුඹුර බහුවිධ ප්‍රවාහන පරිශ්‍රයේ සිට ආරම්භ වන බස්රථයක් වෙනුවෙන් පැළයක් අදාල බස්රථ නියමුවන් විසින්ම සිදු කිරිම,ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් ගමනා ගමන මණ්ඩලයේ බස්රථයක් වෙනුවෙන් දිවයින පුරා ඩිපෝ පරිශ්‍රවල පැලයක් රෝපණය කිරිම,ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සියලුම දුම්රිය ස්ථාන ආවරණය වන පරිදි පැල සිටුවිම ක්‍රියාවට නැංවෙයි. , අද පෙරවරු 10.00 සිට 10.02 දක්වා ලංකාවේ සියලුම රථවාහන වල නාලා ශබ්ද නොකර සිටිම සඳහා වන දැණුවත් කිරිම,කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය මගින් කැළණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනය හේතුවෙන් නැවත පදිංචි කරවන පවුල් 15ක් සඳහා යතුරු භාරදීම ,ප්‍රවාහන දිනය සංකේතවත් කරමින් බැනර් 300ක් ප්‍රදර්ශනය කිරිම,

ප්‍රවාහන ක්‍ෂේත්‍රයට සම්බන්ධ විශේෂ සේවාවන් සැපයු 17 දෙනෙකු වෙනුවෙන් (එම පුද්ගලයින් තෝරා ගැනීම එම ආයතන විසින්ම සිදු කරමින්) තිළිණ ප්‍රදානය.,සියලුම ප්‍රවාහන ආයතනවල ක්‍රියාකාරිත්වය දැක්වෙන ප්‍රදර්ශන පුවරු මාකුඹුර බිහු විධ ප්‍රවාහන මධයස්ථාන පරිශ්‍රයේ පැවැත්වීම,දුම්රිය සේවායේ ඉතිහාසය සඳහන් ප්‍රදර්ශන ඒකකයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආරම්භ කිරිම,ප්‍රවාහන ක්ක්‍ෂේත්‍රයේ ආයතන මගින් සිදු කරනු ලබන සේවාවන් දැක්වෙන වීඩියෝ දර්ශණයන් ප්‍රදර්ශනය කිරීම,ගමනා ගමන මණ්ඩලය මගින් City Busසේවාව සඳහා භාවිතා කරනු ලබන බස්රථ උපයෝගිකොට ගෙන රිය පෙරහරක් හෙට (06)දිනයේ සිදු කිරිමටද නියමිතය. ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව හඳුන්වාදෙන නවීන තාක්ෂණික ක්‍රමවේදය මගින් භීක්‍ තාක්ෂණය සහිත ඉලෙක්ට්‍රෝනික කාඩ්පත ආරම්භ කිරිම,ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්න්ධ විශිෂ්ට සේවාවන් සපයන සේවක මහතුන් වෙනුවෙන් තිළිණපත් ප්‍රධානය කිරීම වැනි වැඩ සටහන් රැසක් ක්‍රියාවට නැංවෙනු ඇතැයි ප්‍රවාහන ඇමැතිවරයා මෙහිදී පැවසුවේය..