හැදුනුම්පත කඩිනමින් ලබා ගන්න ක්‍රමවේදය මෙන්න ...
ජාතික හැදුනුම්පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලටට හා දකුණු පලාත් කාර්යාලයට පැමිණෙන්නන් තම බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දිනයක් හා වෙලාවක් වෙන්කර ගෙන අදාල දිනයට පමණක් පැමිණිය යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේතුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ කොයිඩි වයිරසය හේතුවෙන් ජනතාව ඒකරාශී වීම වැලැක්වීම සදහාය.
සාමාන්‍ය සේවාව යටතේ ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයිනට තම ඉල්ලුම්පත ග්‍රාම නිලධාරී මහතා මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික හැදුනුම්පත් අංශයට එම ඉල්ලුම්පත බාරදිය යුතුය. ඉන් අනතුරුව එම ඉල්ලුම්පත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ ප්‍රධාන කාර්යාලයට යොමු කිරීමෙන් අනතුරුව ජාතික හැදුනුම්පත මුද්‍රණය කර ලියාපදිංචි තැපෑලෙන් ඉල්ලුම් කරුගේ නිවසයට යැවීමට කටයුතු කෙරේ.
නමුත් මේ වනවිට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුවට තම ඉල්ලුම් පත යොමු කර ඇති අයදුම් කරුවකුට ජාතික හැදුනුම්පත කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම් 011 5 226 126 හා 011 5 226 100 යන ක්ෂණික දුරකථන අංකයට අමතා දැණුම්දිය හැකි බවද වියානි ගුණතිලක මහතා පවසයි.