සියලුම පාසල්වට සිසුන් බඳවා ගැනීමේ ක්‍රියාපිළිවෙල මෙන්න.

School
By Thaya Feb 27, 2021 06:48 PM GMT
Report

සියලුම පාසල්වලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමේදී රටේ ජනවාර්ගික අනුපාතයට අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගතයුතු යැයි පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත. එය කොමිෂන් සභා වාර්තාවේ 489 පිටුවේ සඳහන්ය. එසේම රටේ සියලු පාසල් බෞද්ධ හින්දු-ක්‍රිස්තියානි ඉස්ලාම් ආදී ආගමික බෙදීම්වලින් නිදහස් කළ යුතු බවද සඳහන්ය. සෑම පාසලකම සිසුන්ට ඔවුන්ගේ ආගම නොසලකා ආගමික අධ්‍යාපනය යනුවෙන් නව විෂයක්

හඳුන්වා දිය යුතු අතර එහිදී බුද්ධාගම ක්‍රිස්තියානි ආගම, හින්දු සහ ඉස්ලාම් ආගම්වල මූලික කරුණු 1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා අනිවාර්ය පදනමක් මත ඉගැන්විය යුතු යැයිද විශේෂයෙන් නිර්දේශ කර තිබේ.