දරුණු ප්‍රවාහන අර්බුදයක් - පෞද්ගලික බස් 90%ක් ධාවනයෙන් ඉවතට

Report

පෞද්ගලික බස් රථ සියයට 90ක් පමණ අද (22) දිනයේ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව සඳහන් කරමින් පැවසුවේ, ඊයේ (21) දින ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇති බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට

එම මිල වැඩිවීම හේතුවෙන් අද බස් රථ ධාවනය නොකිරීමට බස් රථ හිමියන් තීරණය කළ බවත්, ඔවුන් තමන්ට දැනුම් දී ඇති බවත් ඔහු කීවේය.

නව බස් ගාස්තු සංශෝධනයක් සමඟින් බස් රථ ධාවනය නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම තීරණය හේතුවෙන් මහජනතාවට බස් සේවාවන්හි බරපතළ බාධා ඇති වීමේ අවදානමක් පවතින අතර, රජය සහ බස් රථ හිමියන් අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව ද වාර්තා වේ.

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට