කාලගුණයෙන් අනතුරු ඇගවීමක් - ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට අද (22) පස්වරුවේ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද, දකුණ සහ ඌව පළාත්වලත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති විය හැක.
වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ වාර්තාවේ සඳහන් වේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, එළිමහනේ රැඳී සිටීමෙන් වළකින ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.