සිංහල අවුරුද්ද පෙර පෞද්ගලික බස් හිමියන්ට ?

Private bus
By Thaya Mar 12, 2021 07:45 PM GMT
Thaya

Thaya

Report

රජය මගින් පෞද්ගලික බස්රථ හිමියන් සදහා ලබා දෙක ලක්ෂ තුනහමාරක සහන ණය මුදල ලබන සිංහල අවුරුද්දට පෙර ලබා දීමට පියවර ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසයි.

ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ හා ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ උපදෙස් මත සහන ණය මුදල ලබාදීමේ වැඩ සටහන ක්‍රියාවට නැංවේ.

මෙහිදි සහන ණය මුදල වශයෙන් ලක්ෂ තුනක් ලබාදෙන අතර රුපියල් පනස්දහක් ප්‍රවේශපත්‍ර යන්ත්‍රය සදහා ලබාදෙනු ඇත.

බස්නාහිර පළාතේ පෞද්ගලික බස්රථ 6212 ක් ධාවනට එක්කොට ඇති අතර මේ වනවිටත් පෞද්ගලික බස්රථ හිමියන් දෙදහසක් සහණ ණය වාරිකය ලබා ගැනීමට ඉල්ලුම් පත් යොමු කර ඇතැයිද ප්‍රසන්න සංජීව මහතා පවසයි.