පාසල් විවෘත කිරීමේදී පැරණි චක්‍රලේඛ මත හිර නොවී ළමුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව...

Children
By Thaya Feb 02, 2021 06:32 PM GMT
Thaya

Thaya

Report

පාසල් යලි විවෘත කිරීමේදී පැරණි චක්‍රලේඛ මත හිරවී නොසිට ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

පාසල් විවෘත කිරීම සිදු කෙරන්නේ රටේ සාමාන්‍ය තත්ත්වය මත නොවන නිසා පැරණි චක්‍රලේඛ මත පදනම්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් දරුවන්ගේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට මුල්තැන ලබාදී ප්‍රායෝගිකව කටයුතු කලයුතු බවත් ඔහු පෙන්වා දෙයි.

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සමඟ පාසල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. රැස්වීම මෙහිදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ මිනුවන්ගොඩ කලාපයේ පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේහ මත යලි ආරම්භ කිරීම සඳහා රජය රුපියල් ලක්ෂ 95ක මුදලක් වෙන්කර ඇති බවයි. ඒ අනුව ළමුන් සංඛ්‍යාව අනුව පාසල් වලට දරුවන්ගේ උෂ්ණත්ව මැනීමේ උපකරණ, අත් සේදීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම හා විෂබීජානුහරණ කටයුතු සිදු කෙරෙන බවද ඇමතිවරයා කීවේය.

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ ඕනෑම ක්‍රමවේදයකට රජය එකඟ බවත් ඒ ඒ පාසල් වල තත්ත්වය න් අනුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ වගකීම විදුහල්පතිවරුන් සතු බවත් පෙන්වා දුන් ඇමතිවරයා කොවිඩ් හේතුවෙන් රට තුළ ක්‍රියාත්මක වන්නේ නව සාමාන්‍යකරණ තත්ත්වයක් බවද පෙන්වා දුන්නේය.


ReeCha