කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් අගමැතිගේ ප්‍රකාශය පුද්ගලික මතයක් පමණයි
කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් තීරණයට එළැඹෙන්නේ තාක්ෂණික කමිටුව ලබාදෙන උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පමණක් බව අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා. කොරෝනා මළ සිරුරු පිළිබද අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදි සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ඇසු පැණයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මෙම අදහස් පළ කලේ.
අගමැති තුමාගේ මතය ඔහු එදින ප්‍රකාශ කළ බවත් එය මළ සිරුරු සම්බන්ධයෙන් එතුමා දරන මතය එය වුවත් සෞඛ්‍ය අංශයේ බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය මෙහිදී අවසන් තීරණ බවයි ගම්මන්පිල මහතා කියා සිටියේ. සෞඛ්‍ය තාක්ෂණ කමිටුවේ නිර්දේශ ලැබෙන තුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටද කිසිඳු පියවරක් ගත නොහැකිව තිබෙන බවත් එතෙක් දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය වලංගු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.