මෙහෙම ගියොත් විනාශයක්.. අගමැති මහින්ද පොහොට්ටුවේ තරුණ මන්ත‍්‍රීන්ට දැඩිව දැනුම් දෙයි..

Mahinda Rajapakse
By Thaya Feb 10, 2021 05:31 PM GMT
Thaya

Thaya

Report

තරුණ මන්ත්‍රීවරුන් මීටත් වඩා වැඩි වගකීමෙන් වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී දැඩිව සඳහන් කර තිබේ. ඊයේ දින පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත. ජනතාව විසින් ලබා දී ඇති ජනවරම අනුව සියලු දෙනා එක්ව රට වෙනුවෙන් වැඩ කළ යුතු බවත් පෙන්වා දී ඇති අග්‍රාමාත්‍යවරයා කණ්ඩායමේ සමගිය ආරක්ෂා කර ගත යුතු බවද පෙන්වාදී තිබේ. සමගිය ඉතාම වැදගත් බෙදීම් හදාගතහොත් සිදුවන්නේ විනාශයක් බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.


තමන් මේ බව පවසන්නේ තම පනස් වසරක දේශපාලන ජීවිතයේ අත්දැකීම් ඇසුරින් බව ද ඔහු අවධාරණය කර ඇත. ඇමැති විමල් වීරවංශ මහතා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඇති වූ සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂ තරුණ මන්ත්‍රීවරුන්ට අවවාදයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.