අද සිට භාණ්ඩ වර්ග 27ක මිල පහලට...මිලදී ගතහැකි තැන් මෙන්න.

Price
By Thaya Feb 08, 2021 05:01 PM GMT
Thaya

Thaya

Report

සහල්, තිරිගු පිටි, සීනි, කිරිපිටි ඇතුලු පාරිභෝගික භාණ්ඩ 27ක මිල අද සිට පහත දමා තිබෙනවා. ඒ, මාස 3ක කාලයක් සඳහායි. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මෙම භාණ්ඩ 27 සතොස සහ සමුපකාර හරහා මිලදීගත හැකි බවයි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මෙම භාණ්ඩ 27ම සතොස සහ සමුපකාර වෙත සම්පූර්ණයෙන්ම ලබා දීමට සතියක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

ඒ අනුව රතු කැකුළු සහ සුදු කැකුළු සහල් කිලෝ එකක් රුපියල් 93ටත්, සුදු නාඩු කිලෝ එකක් රුපියල් 96ටත්, සම්බා සහල් කිලෝ එකක් රුපියල් 99කටත් අලෙවි කෙරෙණු ඇති. තිරිගු පිටි කිලෝ එකක් රුපියල් 84කටත්, සුදු සීනි කිලෝ එකක් රුපියල් 99කටත්, දුඹුරු සීනි කිලෝ එකක් රුපියල් 125කටත්, කිරිපිටි ග්‍රෑම් 400ක් රුපියල් 355කටත් අද සිට අලෙවි කිරීමට නියමිතයි.

තේ කොළ, රතු පරිප්පු, ලොකු ළුෑණූ, අර්තාපල්, කඩල, වියලි මිරිස්, ටින් මාලු, හාල්මැස්සන්, කුකුල් මස්, ලුණු, සොයා තෙල්, රෙදි සෝදන සබන් සහ සුවද සබන්වල මිලද අද සිට අඩුවනු ඇති.