ඩීසල් ලීටරයක මිල රුපියල් 120කින් අඩුයි - නාමල්
නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න මහතා විසින් ජාතික ජන බලවේග රජය ආණ්ඩුව භාර ගනිද්දී පැවතියේ ඩීසල් ලීටරයක් රුපියල් 363 ට බව ප්‍රකාශ කරයි.
එහෙත් වර්තමාන මිල අඩුකිරිමත් සමග ඩීසල් ලීටරයක මිල වන්නේ රුපියල් 283 ක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
එබැවින් ආණ්ඩුව භාර ගන්නා විට තිබූ මිලට වඩා අද වන විට ඩීසල් ලීටරයක් රුපියල් 120 කින් මිල පහත බැස ඇති බවද ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත් 363-283 ක් අඩු කළ විට පිළිතුර 120 ක් නොවූවද අමාත්‍යවරයා පවසා ඇත්තේ එලෙස බව වාර්තා වේ.
එසේම ඔහු තවදුරටත් මාධ්‍ය අමතමින් සඳහන් කර ඇත්තේ පෙට්‍රල් භූමිතෙල් ඇතුළු අනෙකුත් ඉන්ධන වර්ගද ඒ ආකාරයෙන්ම මිල පහත බැස ඇති බවයි.