හැමෝම බලාපොරොත්තුවෙන් සිටි දෙයකට දින නියම වෙයි - මෙන්න දවස..නිවසේ රැඳෙන්නයි දැනුම්දෙයි..!

Election Commission of Sri Lanka Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Aug 22, 2024 08:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසන්නේ,2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බවයි.

ඒ මහතා පැවසුවේ එම කටයුතු සඳහා විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති බවයි. රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා මෙම බෙදාහැරීම සිදු කරන බව ඒ මහතා පැවසීය.

එය භාර ගැනීම සඳහා එම දිනයේ දී නිවැසියන් ට නිවෙස්වල රැදී සිටින ලෙසටයි,ඒ මහතා ඉල්ලීමක් කරමින් පැවසුවේ.

කවුරුත් නොසිතූ ලෙස වහාම විභාගයක් කල් දමයි..නැවතත් ආරම්භ කරන දිනය මෙන්න..

කවුරුත් නොසිතූ ලෙස වහාම විභාගයක් කල් දමයි..නැවතත් ආරම්භ කරන දිනය මෙන්න..

එමෙන්ම ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම සැප්තැම්බර් මස 14 වනදා අවසන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇති බවත් ඉන් පසුව ගෙයින් ගෙට ගොස් ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදුනොකරන බවත් ඒ මහත ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් මැතිවරණ දිනය දක්වාම තමන්ට ලිපි ලැබෙන තැපැල් කාර්යාලයට ගොස් රජකාරි වෙලාවන්හි දී සිය අනන්‍යතාවය තහවුරු කර තමන්ට හිමි නිල ඡන්ද පත්‍රකාව සිය අත්සන යොදා ලබාගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර 21 වනදා පැවැත්වීමට නියමිතය. ඒ සඳහා අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත් වී සිටියි. මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගණන 17,140,280කි. ඒ අතුරින් 1,148,258ක් නව ඡන්ද දායකයින් ය.

ජනතාව සතුටු කරමින් 15,000 මුදල් සහනාධාරයක් - කැබිනට් අනුමැතියත් හිමිවෙයි..!

ජනතාව සතුටු කරමින් 15,000 මුදල් සහනාධාරයක් - කැබිනට් අනුමැතියත් හිමිවෙයි..!

ReeCha