අද සිට ජනාධිපති අරමුදලේ සියලුම සේවා ONLINE ක්‍රමයට

Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 21, 2025 05:49 AM GMT
Hashini

Hashini

Report

ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබාදීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7වනදා සිට ආරම්භ කරනු ලැබුවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවාද ඒ අයුරින් විමධ්‍යගත කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

ශිරන්තිගේ කෙරුවාවත් එලියට - සිරිලිය ගිණුමේ මැන්ඩේට් එකත් බැංකුවෙන් උස්සලා

ශිරන්තිගේ කෙරුවාවත් එලියට - සිරිලිය ගිණුමේ මැන්ඩේට් එකත් බැංකුවෙන් උස්සලා

ඒ අනූව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා ‍දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ලබාදෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබාදෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබාදෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්හී සේවා සඳහා මහජනතාවට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් Online ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. 

විදුලි ඒකකයක් රු,14කින් අඩුවේ. නවතම ගාස්තු මෙන්න

විදුලි ඒකකයක් රු,14කින් අඩුවේ. නවතම ගාස්තු මෙන්න

ReeCha