සීමිත පිරිසක් සමගින් බලයට එන්න සැරසෙන ජනපති...!!!

President
By Thaya Jan 17, 2021 08:17 PM GMT
Report

එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිත අමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඞ්න්ගේ දිවුරුම්දීමේ දීමේ උත්සවයට ආරාධිතයින් ඇතුළුව පුද්ගලයින් 3,000 කටත් අඩු පිරිසක් සහභාගී වනු ඇතැයි මේවනවිට වාර්තා වනවා.

සාම්ප‍්‍රදායිකව උත්සවශී‍්‍රයෙන් පැවැත්වෙන එම උත්සවයට සාමාන්‍යයෙන් ආරාධිතයින් ද ඇතුළුව ලක්ෂ 02 ක පමණ පිරිසක් සහභාගී වනවා. එහෙත්, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මෙන්ම අමෙරිකාව තුළ මේවනවිට පවතින දේශපාලනික අර්බුදය හේතුවෙන් නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය සඳහා වොෂිංටන් අගනුවරට කැඳවා තිබෙන්නේ සීමාසහිත පිරිසක් පමණයි. එලෙස පැමිණෙන සීමිත පිරිසෙන් පූර්ව පරීක්ෂාවකට ලක් නොවූ පිරිස් නව ජනාධිපතිවරයාගෙන් හා උප ජනාධිපතිවරියගෙන් දුරස් කර තැබෙනු ඇති.

අමෙරිකානු ජනාධිපති පදවි ප‍්‍රාප්ති උළෙල මෙවර පැවැත්වෙන්නේ ද අගනුවර ඇතුළු සියලූ ප‍්‍රාන්තවල ආරක්ෂාව තරකර ඇති පසුබිමක් තුළයි. වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ආධාරකරුවන් පිරිසක් ඉකුත් දා අගනුවර තුළ කලහ ඇති කිරීම හමුවේ අමෙරිකාව දැඩි දේශපාලනික මෙන්ම අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ද අර්බුදයකට ලක්ව සිටිනවා. ඒ අනුව මෙවර අමෙරිකානු ජනාධිපති පදවි ප‍්‍රාප්ති උළෙල මෙන්ම බල හුවමාරුව ද සිදුවන්නේ සම්ප‍්‍රදායික ක‍්‍රමවේදයන් රැසකින් බැහැරවයි.