ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ හිමි නමකට ජනපති පොදු සමාව !!!

President Monk
By Thaya Jan 05, 2021 06:15 PM GMT
Thaya

Thaya

Report

නීති විරෝධී ගිනි අවි ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු බවට පත් කරමින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ පුජ්‍ය ඌව තැන්නේ සුමන හිමියන්ට ජනපති සමාව ලබාදීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක මොහාන් සමරනායක ප්‍රකාශ කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් වන තීරණය ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යවරයාට දන්වා යවා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

2010 වර්ෂයේ පැවති ජනාධිපතිවරණ සමයේදී උන්වහන්සේ වැඩ සිටි මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයේ සඟවා තිබු නීති විරෝධී ගිනි අවි සහ වෙඩි උණ්ඩ 200ක් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.

ඒ අනුව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමෙන් අනතුරුව උන්වහන්සේ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකුට පසුගිය වර්ෂයේ ජුනි මාසයේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබුවා.