අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා මහජන අදහස් විමසන ඩිජිටල් වේදිකාව ජනපති අතින් විවෘත වේ.
President
By Thaya
රටක චින්තනය සහ දර්ශනය ගොඩනැගෙන්නේ එරට අධ්‍යාපන ක්‍රමය තුළින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයකින් බිහි වන්නේ නූතන ලෝකය සමග ඉදිරියට ගමන් කළ නොහැකි සමාජයක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද මහජනතාවගේ අදහස් ලබාගැනීම සදහා වන “ඩිජිටල් වේදිකාව” දියත් කිරීම පිණිස අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා. “නැණසත් මනසත් පොහොසත් කරන පිරිපුන් අධ්‍යාපනයක් කරා” යන්න ඩිජිටල් වේදිකාවේ තේමාවයි.එය නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතින් සිදු කෙරුණු අතර අද සිට මාස 3 ක කාලයක් පුරා egenuma.moe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා වන අදහස් හා යෝජනා ඩිජිටල් වේදිකාවට යොමු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.