කාමරවලට වී ඉන්න එපා.. ගමට යන්න..- මැති ඇමතිවරුන්ට ජනපති දන්වයි..

President
By Thaya Jan 08, 2021 07:41 PM GMT
Thaya

Thaya

Report

මෙරට වගා කළ හැකි දේ වගා කර, පිට රට ගොවියාට යන මුදල් අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ගොවි ජනතාවට අවශ්‍ය ජලය, පොහොර, තාක්ෂණ දැනුම සැපයීමට මෙන්ම ඉඩම් ගැටළු විසඳීමට රජය ප්‍රමුඛතාව දී තිබේ. 2021 අයවැයෙන් ඒ සඳහා විශාල මුදලක් වෙන් කර ඇත. විදෙස් ණය සහ මෙරට ප්‍රතිපාදන යටතේ සැලසුම් කර ඇති ව්‍යාපෘති 800කට අධික සංඛ්‍යාවක වැඩ නිමවී නැත. මේ සියලු ව්‍යාපෘති කඩිනමින් නිම කොට ජනතා අපේක්ෂා ඉටු කිරීමට කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

“ගම සමග පිළිසඳරක්” තුළින් “වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහන පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අද (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති විශේෂ වැඩසටහනේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

75%ක් පමණ වන ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම පිණිස තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ගොවි ජනතාව පාරම්පරිකව මුහුණ දී ඇති ගැටළු සහ දුෂ්කරතා නිසා වර්තමාන පරපුර කෘෂිකර්මාන්තයෙන් ඉවත්ව සිටිති.

අස්වැන්නට ඉහළ මිලක්, තාක්ෂණික දැනුම, ජල කළමනාකරණය, දේශීය බීජ නිෂ්පාදනය, වෙළෙඳ පොළ සහ ප්‍රවාහන පහසුකම් සැපයීම, කාබනික කෘෂි නිෂ්පාදනයට ගොවීන් දිරිමත් කිරීම වැනි ක්‍රමවලින් ප්‍රශ්නය විසදා ගැනීමට නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ග්‍රාමීය ගැටළු නීති රීති මත නොව, ජනතාව දෙස බලා විසඳීමට පියවර ගැනීම වැදගත් වේ. එබැවින් කාර්යාලවලට සීමා නොවී ගමට ගොස්, ජනතාව පෙළෙන ප්‍රශ්න හඳුනාගෙන වැඩ කිරීම නිලධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මෙවර අය වැය ගොවි, ධීවර සහ කර්මාන්තවල නිරත ගැමි ජනතාවගේ ජිවන තත්ත්වය වැඩි දියුණු කිරීම අරමුණු කර ගත්තකි. එය ක්‍රියාත්මක කිරීමට විදේශීය විශේෂඥයන්ගේ හෝ උපදේශකයන්ගේ සහාය අවශ්‍ය නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ග්‍රාමීය ජනතාව වෙනුවෙන් පොළොව මත එය ක්‍රියාත්මක කිරීම රජයේ නිලධාරීන්ගේ වගකීම බව පැවසීය.

කොරෝනා වසංගතය සමග වෙනස් වූ ජීවන රටාව සාර්ථක කර ගැනීමට රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයම කළ කැපකිරීම අග්‍රාමාත්‍යතුමාගේ පැසසුමට ලක් විය. පාසල් අධ්‍යාපනයේ සිට සේවා අවශ්‍යතා ඉටු කර ගැනීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක තාක්ෂණ භාවිතයේ නව හුරුවක් කොරෝනා වසංගතය සමග ඇති විය.

මෙරට නිලධාරීන්ට ඕනෑම මොහොතක අලුත් දෙයක් වැළඳගෙන වැඩ කිරීමේ හැකියාව ඉන් පෙන්නුම් කෙරිණ. මෙය වටහාගෙන නූතන තාක්ෂණය හැකි උපරිම වේගයෙන් රාජ්‍ය ආයතන සමග අනුගත කිරීමේ අවශ්‍යතාව ද මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

එවැනි ගැටළු විසඳීමට ග්‍රාමීයව ඇති යෝජනා රජයට ඉදිරිපත් කරන්නැයි ද බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය.

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ , දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු, ක්‍රම සම්පාදන සේවයේ නිලධාරීහු, ගණකාධිකාරීවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහූ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ