ජනාධිපති ගෝටාභයට නැවතත් සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න බෑ.. ඒක දන්න නිසා මුස්ලිම් ඡන්ද සොයනවා..

Religion Gotabaya
By Thaya Mar 01, 2021 06:06 PM GMT
Report

ගෝඨාභය රාජපක්ෂ යනු මෙරට සිංහල බෞද්ධයන් ගේ ඡන්ද උපරිම උපරිම ගත්ත ජනාධිපතිවරයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කරති. නමුත් එම ඡන්ද ප්‍රමාණයක් නැවතත් ලබා ගැනීමට නොහැකි වනු ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙයි. ඒ හේතුවෙන් ඊළග මැතිවරණයේදී මුස්ලිම් ඡන්ද අවශ්‍ය හිතන අය ආණ්ඩුවේ ඉන්නවා ඇතැයිද පවසන උන්වහන්සේ එනිසා ඊට අනුරූපීය ඇතැම් කටයුතු සිදුවන බවක් පෙනෙන්නට ඇතැයි ද උන්වහන්සේ පවසති. සති අන්ත පුවත්පතක් හා සාකච්චාවකට එක්වෙමින් එහිමියෝ මෙම අදහස් පල කර ඇත.