‘හදපු එක්කෙනාම විවෘත කරන්න..’ ජනපති ගෝඨාභය නිහතමානී වෙයි

President
By Thaya Jan 17, 2021 10:40 AM GMT
Thaya

Thaya

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ‘ගම සමග පිළිසදරක්’ වැඩසටහන අද පොළොන්නරුව මැදිරිගිරිය ප‍්‍රදේශයේදී පැවැත්විණි.

එහිදී ජනාධිපතිවරයා විසින් පාසලක ගොඩනැගිල්ලක් විවෘත කිරීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කළේය.

‘හදපු එක්කෙනා එපාය විවෘත කරන්න. එන්න ඔබතුමා මේ විවෘත කරන්න’ යැයි ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිට ආරාධනා කළේය.

හිටපු ජනපති මෛත‍්‍රීපල සිරිසේන මහතා එය විවෘත කලේ ජනාධිපතිගේද අත්පොලසන් මැදයි.