ජනාධිපති විසින් විජේදාසට දුන් ඇමතුමේ විස්තරේ මෙන්න…

srilanka Politics Wijedhasa rajapaksha gotabhaya rajapaksha recorda
By Sithumi Apr 16, 2021 05:30 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුරකථනයෙන් දුන් අැමතුම ගැන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරුණු පැහැදිලි කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ පිළිබඳව අදහස් පල කලේ මෙසේය. ‘විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ මාධ්‍ය හමුව අපිත් සජීවීව නැරඹුවා. එතනදී විජයදාස මන්ත්‍රීවරයා කියනවා තමන්ට ජනාධිතිතුමා දුරකථන ඇමතුමක් ලබාදීලා තර්ජනාත්මකව කතා කළා කියලා. ඒ වගේම විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා කියනවා එයට හේතුව තමන් විසින් ඊයේ සිදුකළ මාධ්‍ය හමුවේදී ජනාධිපතිතුමාගේ දරුවන් සම්බන්ධයෙන් සිදුකළ යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලබාදීලා ඉතිහාසය මතක් කරලා දීලා කියලා තියෙනවා මේක වැරදි ඔබතුමා කිව්ව දේ කියලා. එතනදී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපතිතුමාට කියලා තියෙනව තමන් ජනාධිපතිවරයාගේ දරුවන්ට කිසිදු ප්‍රකාශයක් සිදු කලේ නැහැ කියලා. ඉතින් මේ කරුණ ගැන පැහැදිලි කර ගන්න ජනාධිපතිතුමා සහ විජයදාස මන්ත්‍රීවරයා අතර දුරකථන සංවාදයක් තිබිලා තියෙනවා. මම චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිතුමන්ලා සමග වැඩකරලා තියෙනවා. එහිදී ඒ ජනාධිපතිතුමන්ලා විසින් අපෙන් දුරකථන ඇමතුමක් ලබාදීලා යම් පැහැදිලි කර ගැනීම් සිදුකර තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මේකත් ඒ වගේ දෙයක්. ජනාධිපතිතුමාගේ දුරකථන ඇමතුම ගැන මාධ්‍ය සජීවීව ප්‍රචාරණය දෙනවා. නමුත් එතුමාගේ තිබෙන සරලකම ගැන කවුරුත් කතා කරන්නේ නැහැ, මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා. එතුමා ජිවත් වෙන්නේ තට්ටු දෙකක සාමාන්‍ය ගෙදරක. පාවිච්චි කරන්නේ වාහන 03ක් විතරයි. ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් බිලියන 1.7ක් ඉතුරු කරලා තියෙනවා. ඇයි මේවා සම්බන්ධයෙන් කිසිම මාධ්‍යයක් කතා කරන්නේ නැත්තේ’