වැරදි මතයක් ජනපති නිවැරදි කරයි…

President
By Thaya Feb 25, 2021 05:48 PM GMT
Thaya

Thaya

Report

රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගනු ලැබූ පිරිස් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කරන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. මේ රැකියා ලාභීන් ස්ථිර සේවකයන් ලෙස සෞඛ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා බවට පතුරුවා හැර ඇති මතය මුළුමනින් වැරදි බව එතුමා පවසයි. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ 23 සවස ජනාධිපති කාර්යාලයීය සභා ශාලාවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත හමුවේදී මෙබඳු මතයක් සෞඛ්‍ය සේවකයන් අතර ප්‍රචලිත කර ඇති බවට සමිති නියෝජිතයන් කළ සඳහනට ප්‍රතිචාර වශයෙනි.

රැකියා ලක්ෂයේ වැඩසටහන පහළම ආදායම් ස්ථරයට අයත් පවුල්වලින් තෝරා ගන්නා පිරිස් රැකියා නියුක්ත කොට ඔවුන් දිළිඳුකමින් මුදා ගැනීම අරමුණු කොටගත් එකකි. ඊට බඳවා ගනු ලබන්නේ විධිමත් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකම් හෝ නිපුණතා හෝ නැති අය පමණි. තෝරාගත් පිරිස්වලට රෝහල්, පාසල් සහ විවිධ රාජ්‍ය ආයතනවල ශ්‍රමිකයන්, පවිත්‍රතා කම්කරුවන් සහ යන්ත්‍රෝපකරණ හසුරුවන්නන් ආදී වශයෙන් පුහුණුවක් දෙනු ලැබේ. පුහුණුවෙන් පසු ඔවුනට ඒ ඒ ආයතනවල ස්ථීර පත්වීම් ප්‍රදානය කෙරේ. එසේ වුවද ඔවුන් සෞඛ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීමක් සිදු නොවන බව ජනාධිපතිතුමා පැහැදිලි කළේය.