පෙර ගෙවුම් කාඩ් පත් ක්‍රමය කඩිනමින් ...

Card
By Thaya Mar 09, 2021 05:13 PM GMT
Thaya

Thaya

Report

පොදු ප්‍රවාහනය සදහා ගෙවුම් කාඩ් පත් ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන ඇමති ගාමීණී ලොකුගේ මහතා පවසයි. ප්‍රථම අදියරේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන අතර එහිදී ඇතිවන ගැටළු පිළිබද අදාල නිලධාරීන් සමග අද දිනයේ ප්‍රවාහන අමාත්‍යංශයේදී විශේෂ සාකච්ජාවක් පැවැත්විණි .එහිදී මෙම ව්‍යාපෘතිය පිලිබදව මුලික අදියර රාශියක් අවසන් වීි ඇති අතර නුදුරේදීම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාවට නංවන බවද මෙහිදී පැවසුවේය. පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ පාර්ශව හා ආයතන නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් අද දින (09) බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශයේ දී ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මේ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ලංකා ක්ලියර් ආයතනය, මහජන බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය යන ආයතනවල ප්‍රධානීන් හා පෞද්ගලික මගී ප්‍රවාහන සේවා සංගම්වල නියෝජිතයෝ ද සහභාගී වූහ. පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී හා ක්‍රියාත්මක කිරීමෙන් පසුව මතුවන ගැටළු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර මේ වන විට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළ වැඩ කටයුතු රාශියක් සිදු කොට අවසන් වී ඇති අතර නුදුරේදී ම නියමු ව්‍යාපෘතියක් ලෙස අදියර කිහිපයකින් මෙම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.