කොවිඩ් ආසාදිතව සිටි තවත් ගැබිණි මවක් මියයයි

Covid corona virus helth
By Sithumi May 09, 2021 04:27 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් වෛරසය ආසාදිතව ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් මියගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර සිටිනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය දෙවන ගැබිණි කාන්තා මරණය ලෙසයි මෙය සැලකෙන්නේ. මෙම ගැබිණි මාතාව කොවිඩ් වෛරසය ආසාදනය වී මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුව ඇයගේ තත්ත්වය අසාධ්‍යවීම නිසා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට් මාරුකර යවා තිබෙනවා.

මෙහිදී මෙම කාන්තව එක්කිමෝ යන්ත්‍රය ආධාරයෙන් සිට තිබෙන අතර දින කිහිපයකට පෙර ඇය මළ දරු ප්‍රසුතියක්ද සිදුකර තිබෙන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඇතිවී තිබෙන සංකුලතා හේතුවෙන් එම මාතාව අද දිනයේ දී ජිවිතක්ෂයට පත්වූ බවයි සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරන්නේ

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  

Join now