ගර්භණීභාවය කාන්තාවකට ප්‍රසන්න අත්දැකීමක් මිසක වේදනාකාරී අත්දැකීමක් නොවිය යුතුයි..

Pregnancy
By Thaya Jan 06, 2021 04:51 PM GMT
Thaya

Thaya

Report

රටක සෞඛ්‍ය පද්ධතියක ගුණාත්මකභාවය මනින එක් මිනුම් දණ්ඩක් ලෙස මාතෘ මරණ අනුපාතය පෙන්වා දිය හැකි යැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය ඇමතිතුමිය එසේ පැවසුවේය ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 35 නව සභාපතිවරයා පත් කිරීමේ උත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති අවස්ථාවේදීය

මෙහිදී අදහස් දැක්වු ඇමතිතුමිය මෙසේද පැවුසවාය.ගර්භනී මව්වරුන් දරු උපත දක්වා රැක බලා, ප්‍රතිකාර කිරීමේ අංශය ප්‍රසවවේදය ලෙස හදුන්වනු ලබන අතර, කාන්තා ප්‍රජනන පද්ධතිය සම්බන්ධ රෝගාබාධ වලට ප්‍රතිකාර කිරීමේ අංශය නාරිවේද අංශය ලෙස හදුන්වනු ලබයි. ඒ අනුව මාතෘ හා කාන්තා සංරක්ෂණයේ ඉතා වැදගත් අංශයක් ලෙස ප්‍රසව හා නාරිවේද අංශය පෙන්වා දිය හැක. ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ 35 නව සභාපතිවරයා ලෙස මෙවර පත් වූයේ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතායි.

Covid - 19 වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලය මෙම උත්සවය සංවිධානය කිරීම භාරදූර කාර්යයක්.ජනාධිපතිතුමාගේ නව රජයේ“සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙලේ සහ රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය වනුයේ මාතෘ මරණ අනුපාතය අවම මට්ටමකට තබාගැනීමයි. එම අරමුණ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මාතෘ සත්කාර සේවා පවත්වාගෙන යාමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සායනික කණ්ඩායම් සහ මහජන සෞඛ්‍ය කණ්ඩායම් විසින් විශාල කාර්යභාරයක් සිදු කරනු ලබන බවද පැවසුවාය..

රටක සෞඛ්‍ය පද්ධතියක ගුණාත්මකභාවය මනින එක් මිනුම් දණ්ඩක් ලෙස මාතෘ මරණ අනුපාතය පෙන්වා දිය හැකියි. ගර්භණීභාවය කාන්තාවකට ප්‍රසන්න අත්දැකීමක් මිසක වේදනාකාරී අත්දැකීමක් නොවිය යුතු බව කාන්තා අමාත්‍යවරියක් ලෙස මා විශ්වාස කරනවා.”

“වසර හතළිහකට ආසන්න කාලයක් රට තුළ මාතෘ මරණ නිරීක්ෂණය කිරීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක අතර, එය ගෝලීය මට්ටමින් පිළිගෙන තිබීම සතුටට කරුණක්. 2002 වසරේදී 194 ක් වූ මාතෘ මරණ සංඛ්‍යාව 2019 වසර වන විට 92 දක්වා අඩු කර ගැනීමට හැකි වී ඇති බව සෞඛ්‍ය දත්ත වාර්තා වලින් පෙනී ගොස් තිබෙනවා, කලාපයේ අනිකුත් අනිකුත් රටවල් සමඟ සසඳන විට මෙරට මාතෘ මරණ අනුපාතය අවම මට්ටමක පැවතිය ද පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ මාතෘ මරණ සංඛ්‍යාව 150 දක්වා වැඩි වී ඇති බව වාර්තා වී තිබෙනවා. එම තත්ත්වය ය අවම කර ගනිමින් ගර්භණී කාන්තාවන් රැකබලා ගැනීම අප රජයේ වගකීමක්. මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයන්ගේ ගැටලු නිරාකරණය කරමින් ප්‍රසව හා නාරිවේද ක්ෂේත්‍රය පුළුල් කිරීමටත්, නවීන වෛද්‍ය උපකරණ ඇතුළු වෛද්‍ය මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමටත් 2021 මෙම වසරේ දී ආරම්භයක් ලබා ගන්නවා” යැයි ද අමාත්‍යවරිය මෙහිදී පැවසීය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මැතිණිය සහභාගි වූ අතර, නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය යූ.ඩී.පී රත්නසිරි, නව සභාපති ප්‍රදීප් ද සිල්වා සහ ලේකම් විශේෂඥ වෛද්‍ය චමින්ද මාතොට යන මහත්වරුන් ඇතුලු සංගමයේ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

GalleryGalleryGallery