ප්‍රසන්න - විමල් මුහුණට මුහුණ හමුවෙයි?...

Prasanna
By Thaya Feb 12, 2021 05:44 PM GMT
Thaya

Thaya

Report

කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පසුගිය සතිඅන්ත පුවත් පතකට කල ප්‍රකාශයක් පිලිබඳව මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුව තුල උණුසුම් කථාබහක් නිර්මාණය වී තිබේ. පසුගියදා පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සංචාරක ඇමති විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කල බවට තොරතුරු වාර්තා විය. අද මෙම ඇමතිවරුන් දෙදෙනා කොළඹදී මුණ ගැසුනි. ඒ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ප්‍රදර්ශන දෙකක සමාරම්භක අවස්ථාවකදීය.

Be Sri Lanka Buy Sri Lanka ප්‍රදර්ශණය විවෘත කිරීමට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා වන අතර Lanka pack සමුළුව හා ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා වූයේ විමල් වීරවංශ ඇමතිවරයායි. උදෑසන 10.00 ට පමණ මුලින්ම ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙම ස්ථානයට පැමිණි අතර ඔහු විනාඩි කිහිපයක් ඇමති විමල් වීරවංශ මහතා පැමිණෙන තුරු රැදී සිටිනු දක්නට ලැබිණි. විමල් වීරවංශ මහතා පැමිණීමෙන් පසු දෙදෙනාම එක්ව ප්‍රදර්ශනය විවෘත කල අතර එය සුවිශේෂි අවස්ථාවක් බවට පත්වූයේ දේශපාලන පොරපිටියේ මේ වනවිට මතුව ඇති උණුසුම් කථාබහ හේතුවෙනි.