තැපැල් සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයක...ඒ අතරෙ සියලු නිවාඩු අහෝසි කරමින් නිවේදනයක්.

Postal Service
By Thaya Apr 01, 2021 04:31 AM GMT
Thaya

Thaya

Report

තැපැල් සේවකයින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ. ඒ, තැපැල් සේවකයින් බඳවා ගැනීමේ නව ක්‍රමවේදය ඇතුළු දෙපාර්තමේන්තු තීරණය කිහිපයකට විරෝධය පල කරමින්. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද මධ්‍යම රාත්‍රිය දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිපව්‍යාප්තව ක්‍රියාත්මක බවයි. මේ අතර තැපැල් නිලධාරී කාර්යමණ්ඩලයේ නිවාඩු සියල්ල අවලංගු කළ බව දැනුම් දෙමින් තැපැල්පතිවරයා නිවේදනයක් ද නිකුත් කර තිබේ.