ජනප්‍රිය රංගන ශිල්පී බිමල් ජයකොඩිට කොරෝනා...ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන මෙන්න.

Covid-19
By Thaya Jan 31, 2021 05:59 PM GMT
Thaya

Thaya

Report

රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට කොවිඩ් - 19 වෛරසය වැළඳී ඇතැයි වාර්තා වනවා.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් බිමල් ජයකොඩි මහතා මේ බව සඳහන් කර තිබේ.

ඊයේ (28) උදෑසන පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුවු බවත් එහිදී තමා ආසාදිත බවට තහවුරු වු බවත් ඒ මහතා සිය ෆේස්බුක් සටහනේ දක්වා ඇත.

තමාට වෛරසය ආසාදනය වී ඇතැයි සිතන දින සිට කිසිදු කලා කටයුත්තක් සඳහා සහභාගී නොවු බවත්, එම කාලය තුළ තමා හමුවු පුද්ගලයින් ට මේ පිළිබඳ දැනුවත් කළ බවත් ඔහු වැඩිදුරටත් සටහනේ දක්වා තිබේ.

බිමල් ජයකොඩි මහතා මේ වන විට සෞඛ්‍ය අංශවල මඟපෙන්වීම යටතේ නිරෝධායනය සඳහා යොමුව සිටී.

එම සටහන පහතින් දැක්වේ.


Gallery