පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය නතර වෙයි. - (PHOTOS)
By Wayomi
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර ප්‍රදේශයෙන් යට වී තිබෙනවා.
එහි සුළු ගංවතුර තත්වයක් පැවති නමුත් ඊයේ පස්වරු 2 සිට මාර්ගයේ සැහැල්ලු වාහන ධාවනය තාවකාලිකව නතර කෙරුණු අතර මේ වනවිට වාහන ධාවනය සම්පූර්ණයෙන් නතර කර ඇති බවයි වාර්තා වන්නේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව නිසා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම අද (29) උදෑසන 10ට විවෘත කර ඇත.
කෙසේ වෙතත් මඩකලපුව දෙසට ගමන් කරන වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ගිරිතලේ ,ඇලහැර, බකමූණ, දෙහිඅත්තකණ්ඩිය මාර්ගය හරහා ගමන් කළ හැකියි.


