මෙරට තරුණ අමාත්‍යවරයකුට එරෙහිව කාන්තාවන් පාරට බසී.

Police Hatton Jeewan thondaman Picket
By Aruna Apr 19, 2021 01:50 AM GMT
Report

වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්විමේ රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා කාන්තාවන්ට අපහස වන පරිදි සිදු කලේ යැයි කියන ප්‍රකාශයකට විරෝධය පාමින් වතුකරයේ කාන්තා සංවිධාන රැසක් (18) දින හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදි උද්ඝෝෂනයක නිරත වි සිටිහ.

රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා පසුගිය දා කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් කාර්යාලයේදි වතු කම්කරුවන්ට රු දහසක් මුදල් වැඩි කිරිම සම්බන්ධයෙන් එම පක්ෂයේ සමාජිකයන් දැනුවත් කිරිම සදහා පැවති රැස්විමකදි කාන්තාවන්ට අපහස වන පරිදි අසභ්‍යය වචනයක් ප්‍රකාශ කලේ යැයි කියන සිද්ධියක් පදනම් කරගෙන කාන්තා සංවිධාන උද්ඝෝෂණයේ නිරත වුයේ.

ජිවන් තොණ්ඩමන් රාජ්‍යය අමාත්‍යවරයා එම රැස්විමේදි වතු කම්කරුවන්ට රු දහසක වැටුපක් ලබාදිමට තමන් මැදිහත් වි කටයුතු කල බවත්, වෙනත් කිසිදු පාර්ශවයක් ඒ සදහා සහයෝගය නොදැක් වු බවත්, එහිදි කාන්තාවකට අපහස වන පරිදි පරුෂ වචනයෙන් සිදු කලේ යැයි කියන ප්‍රකාශයක් සමාජ මාධ්‍යය ඔස්සේ විකාශය වු බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි කාන්තාවන් කියා සිටියේ.

ජිවන් තොණ්ඩමන් රාජ්‍යය අමාත්‍යයවරයා සිදු කලේ යැයි කියන ප්‍රකාශය ඉල්ලා අස් කරගත යුතු බවත්, එම ප්‍රකාශයට මෙ රටේ සියළුම කාන්තාවන් එක් වි එයට විරෝධය පල කල යුතු බවයි උද්ඝෝෂණයේ නියැලි සිටි කාන්තාවන් කියා සිටියේ.

මෙම උද්ඝෝෂනයට වතුකරයේ තරුණ සංවිධාන කිහිපයක්ද සහයෝගය දැක් වු අතර එම උද්ඝෝෂනයට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණි.