දේශපාලන ගැටුම් උත්සන්න වෙයි - 11ක් ජිවිතක්ෂයට. (විදෙස්)

By krishani Jul 09, 2023 09:04 AM GMT
Report

ඉන්දියාවේ බටහිර බෙංගාල් ප්‍රාන්තයේ මහ නගර සභා මැතිවරණය අතරතුර සිදු වූ ගැටුම්වලින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ අතර විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මිලියන 104ක ජනතාවක් වාසය කරන බෙංගාල ප්‍රාන්තයේ මැතිවරණයට අපේක්ෂකයන් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් තරග වැදෙයි.

ඊයේ(08) දින පැවති ඡන්ද විමසීම අතරතුර හටගත් ගැටුම්වලදී ප්‍රචන්ඩ ක්‍රියා රැසක් වාර්තා වී ඇත.

කෙසේවෙතත්, ප්‍රචන්ඩ ක්‍රියා හේතුවෙන් මියගිය පිරිස අතර දැනට පාලන බලය හිමි ත්‍රිනාමූල් කොංග්‍රස් පක්ෂය, භාරතීය ජනතා පක්ෂය, ඉන්දිය කොමියුනිස්ට් පක්ෂය සහ කොංග්‍රස් පක්ෂවල නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.