ව්‍යාජ රැකියා ඒජන්සි ගැන පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

Police
By Thaya Apr 01, 2021 04:32 AM GMT
Thaya

Thaya

Report

කොළඹ නගරයේ විවිධ ස්ථානවල ව්‍යාජ ඒජන්සි පවත්වාගෙන යමින් කැනඩාවේ රැකියා සදහා පුද්ගලයින් යොමු කරන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු ඊයේ (30) අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සැකකරුවා පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ .

සැකකරු විවිධ පුද්ගලයන්ගෙන ගෙන් රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදලක් වංචා කර ඇති අතර මුදල් ලබා ගැනීමෙන් පසුව සැකකරු අතුරුදන්ව සිට ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.29 හැවිරිදි සැකකරු අටලුගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.ඔහු අද දින(31) අධිකරණය වෙත යොමු කිරීමට නියමිතයි.

කොළඹ නගරයේ ව්‍යාජ ඒජන්සි පවත්වාගෙන යමින් කරන මුදල් වංචා පිළිබඳව සහ අන්තර්ජාලය ෆේස්බුක් හරහා මෙලෙස මුදල් වංචා කිරීම පිළිබඳව ද පැමිණිලි ලැබෙන බවත් ජනතාව එවන් කරුණු සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.