අන්තර්ජාලයේ වංචනිකයින්ට හසු නොවන්නැයි පොලිසියෙන් ආදරවන්තයින්ට දැනුම්දීමක්..

Police
By Thaya Feb 10, 2021 05:32 PM GMT
Report

පෙබරවාරි 14 වනදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය මුල්කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචාවලට හසුවීමෙන් වළකින ලෙස පොලිසිය තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේවනවිටත් එවැනි සිද්ධින් කිහිපයක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.