විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 905කට වෙච්ච දේ මෙන්න.

Police Colombo Rathawahana police Ajith eohana
By Aruna Apr 20, 2021 02:44 AM GMT
Report

පසුගිය 18 වන දින දහවල් 12 සිට ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 905 අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මීට අමතරව මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් 6,898 දෙනෙක් සඳහා අවශ්‍ය නීතිමය පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම, අප්‍රේල් 10 වනදා සිට 18 වන දින දක්වා කාලය තුළ වැඩි වශයෙන් අනතුරට ලක්ව ඇත්තේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි බවද අජිත් රෝහණ මහතා පැවසීය.