පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්.

Police Sri lanka Ajith rohana
By Aruna Apr 22, 2021 03:53 AM GMT
Aruna

Aruna

Report

හදිසි අවශ්‍යතා දැනුම්දීම සඳහා පමණක් 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකය අමතන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම දුරකථන අංකයට ලැබෙන ඇමතුම්වලින් සියයට 93ක් හදිසි අවශ්‍යතා මත පදනම් නොවූ ඇමතුම් බවට අනාවරණය වී ඇති බවය.

මේ හේතුවෙන් හදිසි අවශ්‍යතා මත අදාළ අංකය අමතන ජනතාවට එම අවස්ථාව අහිමි වී යාමේ තත්ත්වයක් පවතින බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අදාළ දුරකථන අංකයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විශ්ලේෂණයකදී මේ බව අනාවරණය වී තිබේ.

විශේෂයෙන්ම අදාළ දුරකථන අංකය ඇමතිය යුත්තේ හදිසි ආපදාවක් අනතුරක් හෝ අපරාධයක් පිළිබඳ දැනුම්දීමට බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පසුගිය වසරේදී 119 දුරකථන අංකයට ඇමතුම් 1,2 32,272ක් ලැබී ඇති අතර එය දිනකට ඇමතුම් 3,300ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ හේතුවෙන් දිනකට ඇමතුම් 8,000කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ කරගත නොහැකි බවට ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය. එමෙන්ම 119 පොලිස් හදිසි දුරකථන අංකයට ඇමතුම් ලබා දී ව්‍යාජ තොරතුරු ලබාදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් පොලිස් හදිසි ඇමතුම් අංකය ට ඇමතුමක් ලබා දී අසත්‍ය තොරතුරු ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු පසුගිය දා අත්අඩංගුවට පත්විය.