පොලිස් වෙසින් පැමිණ සිදු කරන කොල්ලකෑම්

Police
By Thaya Apr 06, 2021 05:42 PM GMT
Report

පොලිස් නිළධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් කොල්ලකෑම් සම්බන්ධ සිදුවීම් දෙකක් ඊයේ වාර්තා වී තිබෙනවා. ඒ, වව්නියාව ප්‍රදේශයෙන් වන අතර අදාල පුද්ගලයින් විසින් රුපියල් ලක්ෂ 05 ක පමණ මුදලක් එහිදී සොරාගෙන ඇති බව සඳහන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ, නිළ ඇදුමෙන් හෝ සිවිල් ඇදුමින් පැමිණෙන ඕනෑම පොලිස් නිළධාරීයෙක් සතුව සිය විද්‍යුත් රාජකාරි හැදුනුම්පත තිබෙන බවයි. මෙවැනි අවස්ථාවන් වලදී ඒ පිළිබද විමසිලිමත් වී වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ඔහු ජනතාවට දැනුම් දෙන්නේ.