ගෝලීය කාලගුණ විරෝධතාව සංකේතවත් කළ මියුරල් චිත්‍ර පුවරුව ඉවත් කිරීමට ඇත්තම හේතුව පොලිසිය හෙළි කරයි.

Police
By Thaya Mar 20, 2021 07:27 PM GMT
Thaya

Thaya

Report

ගෝලීය කාලගුණ විරෝධතාව සංකේතවත් කරමින් කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට සවි කර ඇති මියුරල් චිත්‍ර පුවරුව කොළඹ මහ නගර සභාව විසින් ඉවත් කර තිබෙනවා.ශ්‍රී ලංකා වනජීවී සහ සෝබා රක්ෂණ සමාජයේ තරුණ සංගමය විසින් මෙය ඉදිකර තිබුණේ ශ්‍රී ලංකාවේ විශාලතම මියුරල් පුරව ලෙසයි. ගෝලීය කාලගුණ විපර්යාසයට එරෙහිව ක්‍රියාකාරී වීම සඳහා රජයන් පෙළඹීමේ අරමුණින් මෙවැනි විරෝධතාවන් මේ වන විට ලොව පුරා ක්‍රියාත්මකයි.කෙසේ වෙතත් ඊයේ උදෑසන අදාල චිත්‍ර පුවරුව නගර සභා සේවකයන් පැමිණ ඉවත් කළ බවයි ශ්‍රී ලංකා වනජීවී සහ සොභා ආරක්ෂණ සමාජයේ උප සභාපති ස්පෙන්සර් මනුවෙල්පිල්ලේ මහතා කියා සිටියේ.