මගී බස් රථවලට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන්...

Police Naalu Policeum Nalla Irundha Oorum
By Thaya Apr 05, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

අද (05) සිට කොළඹින් පිටත්වන දුරගමන් සේවා මගී බස් රථවලට සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණයකර ඇති බව පොලිසිය සඳහන් කළා. ඒ, එම දුරගමන් සේවා මගී බස් රථවල රියන්දුරන්ගේ රිය ධාවනය නිරීක්ෂණය සඳහායි. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රිය අනතුරුවලින් ඊයේ (04) දිනයේ පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඉන් වැඩිම සිදුව ඇත්තේ යතුරුපැදිවලින්. අප්‍රේල් මස 10 වනදා සිට 20 වනදා දකවා කාලය මෙරට තුල වැඩිම රිය අනතුරු ප්‍රමාණයක් සිදුවන කාලසීමාව බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.