සිරස ලක්ෂපති වැඩසටහනේදී සිදුකළ ප්‍රකාශයක් ගැන සිසුවියකගෙන් පොලිසිය

Police
By Thaya Mar 15, 2021 08:36 PM GMT
Thaya

Thaya

Report

සිරස ලක්ෂපති වැඩසටහනේ ලෝක උරුම සිංහරාජ රක්ෂිතය මායිමේ සිදුවන වන විනාශය පිළිබඳ අදහස් පළ කළ සිසුවියගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ති‌බෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ රත්නපුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයා යටතේ මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන බවයි. මේ අතර වන විනාශයන් හා පරිසර හානි පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු විමර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ඔහු කියා සිටියේ එවැනි සිද්ධිවල නිරවද්‍යතාව තහවුරු කර වන විනාශයන්ට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නිත්‍යනුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.