තවත් පොලිස් ස්ථානයක 24කට කොවිඩ්

covid Helth
By Sithumi May 07, 2021 11:41 AM GMT
Sithumi

Sithumi

Report

කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරින් 24 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. පොලිස් නිලධාරින් 4 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණවලදී තවත් 20කට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති. ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකර ඇති බව සඳහන්ය.