පාසල් සිසුවාගෙන් මතුවූ පොලිස් පොකුර.. පොලිසියෙන් නව ආසාදිතයින් හමුවෙයි.

corona
By Thaya Dec 26, 2020 07:22 PM GMT
Thaya

Thaya

Report

පොලිස් නිලධාරීන් 04 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හේතුවෙන් කළුතර - දකුණ පොලිස් ස්ථානයේ සියලු නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (24) උදෑසන බස්නාහිර පළාත් සීමාවේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක (රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්) පරීක්ෂාවකදී පාසල් සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් අතර ඔහුගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවය කිරීම හේතුවෙන් එහි නිලධාරීන් 60 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කර තිබුණි.

සිසුවාගේ පියාද ඇතුළුව පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනුණේ ඒ අනුවයි.

එහිදී ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාට මෙන්ම පාලන ඒකකයේ ස්ථානාධිපතිවරයාට, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට සහ ප්‍රජා පොලිස් ඒකකයේ කොස්තාපල්වරියකට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

කළුතර දකුණ පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ පුත්‍රයාට එලෙස වෛරසය ආසාදනය වී තිබුණි.

මේ හේතුවෙන් කළුතර දකුණ පොලිස් ස්ථානයේ සෙසු සියලු නිලධාරීන් අද (25) දිනයේ PCRපරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි.