''මට සිහිය නැති­වෙලා ඉස්පි­රි­තා­ලෙදී තමයි දන්නෙ අම්ම මිය­ගි­හින් නංගියි, මල්ලියි ඉස්පි­රි­තාලෙ කියලා,, තණ­කො­ළ­වත්තේ අනතුරින් මියගිය මව ගැන දියණිය හෙළිකල සංවේදී කතාව

Report

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කළ සංචා­ර­ක­යින් රැගත් බස් රථ­යක් යටි­ය­න්තොට, තණ­කො­ළ­වත්ත ප්‍රදේ­ශ­යේදී පාර අසල පන්ති යාම සඳහා සිටි දරු­වන් තිදෙ­නෙක් හා මවක් යට­ක­ර­ගෙන පෙර­ළී­යා­මෙන් ඉකුත් 20 දින සවස සිදුවූ අන­තු­රින් මව එම ස්ථාන­යේ­දීම ජීවි­ත­ක්ෂ­යට පත්විය.

ඉන් පසුව දරු­වන් තිදෙනා රෝහ­ල්ගත කර තිබුණි.

මෙම අන­තු­රින් එම ස්ථාන­යේ­දීම දිවි අහිමි වූයේ තණ­කො­ළ­වත්තේ පදිංචි කේ.ඩී. මේලා චතු­රානි කුල­තුංග නම් 46 වියැති තිදරු මව­ටයි.

මෙම මාරක බස් රිය අන­තු­රින් දිවි බේරා­ගත් බී.වී. ධනුදි මෙත්සි නම් පාසල් සිසු­වි­ය සදහන් කළේ මෙවන් අදහසක්

මට සිහිය නැති­වෙලා ඉස්පි­රි­තා­ලෙදී තමයි දන්නෙ අම්ම මිය­ගි­හින් නංගියි, මල්ලියි ඉස්පි­රි­තාලෙ කියල. දැන් අපි තනි­වෙලා. තාත්තා ඩුබායි රටේ ඉන්නේ”

හිඟුරක්ගොඩ දරුණු අනතුරක්

හිඟුරක්ගොඩ දරුණු අනතුරක්

 රෝහ­ල්ගත කර සිටි වැඩි­ම­හල් දිය­ණිය සුවය ලබා නිවස පැමිණි අතර,

ඇය සදහන් කළේ මෙවන් සංවේදී කාරණයක්

මම පන්ති යන්න අම්මත් සමඟ පාරට ගිය විට නංගියි මල්ලිත් ආව. ඒ වෙලාවෙ තමයි මේ අන­තුර වුණේ. මට මොනව වුණාද දන්නෙ නැහැ. අපි­වත් යට කර­ගෙන ගේ ළඟ­ටම බස් එක ඇවිත් පෙර­ළිලා. මට සුළු තුවාල වුණත් අම්ම එත­න­දීම නැති වෙලා. මට උහු­ලන්න බෑ. දැන් අපිව බලා ගන්නෙ කවුද. නංගි­ටයි, මල්ලි­ටයි අමා­රුයි. මල්ලිගෙ ඇහැක් මොකක්ද වෙලාලු ඉළ­ඇට කැඩි­ලලු. “නංගිගෙ අත පය කැඩි­ලලු. ඒගොල්ලො කොළඹ යවලා. අනේ මොන අප­රා­ධ­යක්ද වුණේ.”

මෙම අන­තුර සිදු­කළ බස් රථයේ ඉන්දීය සංචා­ර­ක­යන් පිරි­සක් ගමන් කර තිබු­ණි මෙම අනතුර සදහා බස් රථයේ රිය­දුරු මේ වනවිට අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

 යටි­න්තොට පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඊ.එන්.පී. ඒක­නා­යක මහ­තාගේ උප­දෙස් පරිදි රථ වාහන අංශයේ නිල­ධා­රීන් පරී­ක්ෂණ කට­යුතු සිදු කරනු ලබයි.

අත්අඩංගුවට ගත් මහසොහොන් කලූ නැමති අකුරේගොඩ ඝාතකයා තවත් ඝාතන 10කට වැඩිය කරලා - රහස් එළියට

අත්අඩංගුවට ගත් මහසොහොන් කලූ නැමති අකුරේගොඩ ඝාතකයා තවත් ඝාතන 10කට වැඩිය කරලා - රහස් එළියට

81 හැවිරිදි සාමාන්‍ය පෙළ ලිව්ව සිල්වා දෝෂ සහිත ගණිත ප්‍රශ්න පත්‍රය ගැන කනස්සල්ලෙන්

81 හැවිරිදි සාමාන්‍ය පෙළ ලිව්ව සිල්වා දෝෂ සහිත ගණිත ප්‍රශ්න පත්‍රය ගැන කනස්සල්ලෙන්