ලොක්ඩවුන් මැද මුරපොලේ සිටි පොලිස් නිලධාරියා වාහනයක හැපි මිය යයි..

Police Kandy Mathale
By Aruna May 16, 2021 03:01 AM GMT
Report

කොරෝනා වසංගත තත්වය නිසා හුදකලා තෙරෙනු මාතලේ පොලිස් වසමේ මාතලේ මහනුවර ප්‍රධාන මාර්ගයේ A9 ස්ථාපිත කර ඇති 17 කණුව බලකඩුව පොලිස් මාර්ග බාදකයේ සේවයේ යෙදි සිටියදි පසුගිය 11 දින රාත්‍රි 11ට පමණ වැන් රථයක ගැටිමෙන් මාතලේ පොලියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක වරයෙක් තුවාල ලැබිය.

මෙසේ තුවාල ලද උපපොලිස් පරික්ෂකවරයා මාතලේ දිසා රොහලට ඇතුලත්කල මාතලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි පසුගිය 13දින වැඩිදුර ප්‍රථිකර සදහා මහනුවර මහරොහලට යොමුකලේය.

මහනුවර මහා රොහලේ ප්‍රථිකාර ලබ මින් සිටියදි අද 15 දින ජිවිතක්ෂයට පත්ව ඇත මේසේ මියගොස් ඇත්තේ උපපොලිස් පරික්ෂක උපතිස්ස මහතාය. මෙම ,සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අණතුර වු දිනම මාතලේ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර සිද්ධිය පිලිබදව මාතලේ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... Join now