අවු.39ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ ගැන කවුරුවත් නොදන්න කතා

Report

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් නීති විරෝධීව ලෙස අන්දමින් උපයාගත් මුදලින් මිලදී ගත් දේපළ සහ වත්කම් ක්‍රියාවිරහිත කිරීමට පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකින් පසු අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

අවුරුදු 39ක වයසැති මෙම සැකකරුවාගේ දිගුකාලීන මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාකාරකම් හරහා උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුත් දේපළ තොගයක් මෙම ක්‍රියාවිරහිත කිරීමට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

හිටපු කථානායක අශෝක රන්වල මුහුණදුන් රිය අනතුර ගැන තවත් දර්ශන පෙළක්

හිටපු කථානායක අශෝක රන්වල මුහුණදුන් රිය අනතුර ගැන තවත් දර්ශන පෙළක්

මෙම දේපළ අතර ඉඩම්, නිවාස, වාහන සහ වෙනත් වත්කම් ඇතුළත් වන අතර, මුදල් විශුද්ධිකරණය කිරීමේ පනත යටතේ එම නියෝග ලබාගැනීම සිදුවී ඇති බවත්, මෙය මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව දිවයින පුරා සිදුවන පුළුල් මෙහෙයුම්වල කොටසක් බවත් පොලිසිය පවසයි.

මෙවැනි ක්‍රියාමාර්ග හරහා නීති විරෝධී ලෙස රැස්කරගත් වත්කම් රජයේ සේවාවන් සඳහා යොදාගැනීමේ අරමුණින් තහනම් කිරීමේ උත්සාහය දිගටම පවතින බවත්, එමෙන්ම මෙම සැකකරුවාගේ සමීපතමයන්ගේ නමින් ලියාපදිංචි කරගත් දේපළද මෙම විමර්ශනයේදී හඳුනාගෙන ඇති බවත් වාර්තා වේ.

වැඩිදුර විමර්ශන සමග මෙම දේපළ සම්පූර්ණයෙන්ම රජයේ භාරකරණයට ගැනීමේ තීරණයක් ගැනීමට අධිකරණය සූදානම් වන බවද පොලිසිය පවසයි. 

GalleryGallery