වනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ යුද හමුදා මේජර් ජෙනරාල්වරයාට ඇප.(Update)
Update
මින්නේරිය ජාතික වනෝද්‍යානය ආශ්‍රීතව වනජීවි නිලධාරින්ගේ රාජකාරිවලට බාධා කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් එල්ලවු චෝදනාවකට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මේජර් ජෙනරාල්වරයා ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.
...................................................
වනජීවි නිලධාරියාට අසභ්‍ය වචන කියමින් බැන වැදුන මේජර් ජෙනරාල් අත්අඩංගුවට.(VIDEO)
මින්නේරිය වනජීවී නිලධාරීන් සමග ඇතිවූ සිද්ධියට සම්බන්ධ යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලීසියට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
අත්අඩංගුවට ගත් යුද හමුදා මේජර් ජෙනරාල්වරයා මේ වනවිට කැකිරාව අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පසුගිය 23 වනදා මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරි කටයුතුවල නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බවට වනජිවි නිලධාරින් විසින් එම යුද හමුදා මේජර් ජෙනරාල්වරයාට චෝදනා කර තිබුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි නිලධාරීන් මෙන්ම මේජර් ජෙනරාල්වරයා විසින් ද හබරණ පොලීසියට පැමිණිලි කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා බාල වයස්කාර දැරියව ලිංගික අපයෝජනයට ලක් කළ අය ගැන විශේෂ හෙළිදරව්වක් කලා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
