නිරෝධායනය කඩ කළ 550 කට වෙච්ච දෙයක්.

Police Arrested Ajith rohana Western province
By Aruna May 11, 2021 04:28 AM GMT
Report

නිරෝධායන රීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 548 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත්රෝහණ මහතා පවසා සිටියේ, පසුගිය ඔක්තෝබර් 30 සිට මේ දක්වා වු කාලය තුළ පුද්ගලයින් 7,864ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

මේ අතර බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව නිරෝධායන නීති ක්‍රියාත්මක වන්නේදැයි සොයා සිදුකළ විශේෂ මෙහෙයුමේ දී නිරෝධායන රීතින්ට අනුගත නොවු පුද්ගලයින් 4,702කට අවවාද කර ඇති අතර තවත් පුද්ගලයින් 92ක් අත්අඩංගුවට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now