පොලිසියෙන් රට වටකර මෙහෙයුම් - දහස් ගණන් පොලිස් දැලේ

Report

පොලිසිය වාර්තා කර ඇත්තේ ඊයේ (23) අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 524ක් අත්අඩංගුවට ගත් බවයි.

පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ දිනයේදී පුද්ගලයින් 30,236ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකරුවන් ප්‍රමාණය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වාහන හිමියන්ට අංක තහඩු ගැන විශේෂ නිවේදනයක් - තව මාස තුනකින් වෙන්න යනදේ මෙන්න

වාහන හිමියන්ට අංක තහඩු ගැන විශේෂ නිවේදනයක් - තව මාස තුනකින් වෙන්න යනදේ මෙන්න

එහිදී අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 17ක් හඳුනාගත් බවත් විවෘත වරෙන්තුකරුවන් 200ක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කරයි. තවද මෙම සෝදිසි මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 429ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 53ද පොලීසිය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

තවද වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,706කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි