වැඩිමහල් සහෝදරියට පොල්ලකින් පහරදී බාල සහෝදරයා විසින් ඝාතනය කරයි.

Police Gagana Norochchole
By Aruna Apr 20, 2021 07:40 AM GMT
Aruna

Aruna

Report

නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් බී.කඳවුර ආලංකුඩාව ප්‍රදේශයේ (19) අලුයම සිය බාල සහෝදරයා විසින් මන්ද මානසික වැඩිමහල් සහෝදරියව පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව නොරොච්චෝල පොලිසිය සදහන් කරයි.

මෙසේ පොලු පහරින් බරතල තුවාල ලබා මරණයට පත්ව ඇත්තේ උපතින්ම කතා කිරීමට නොහැකි අංගවිකලව සිටි අයිනුල් මර්ලියා නැමති (43) හැවිරිදි අයෙකු බවත්, ඇය ඇවීදීමේ අපහසුතාවයට පත්ව සිය නිවසේ ඇද මත කාලය ගත කරන බව කියයි.

(18) වන දින රාත්‍රියේ සිය බාල සොහොයුරා නිවසට පැමිණිමට ප්‍රමාද වීම හේතුවෙන් කෝපයට පත් මව ඔහුට බැණවැදීම හේතුවෙන් මවත් සමග බහින්බස්වූ බාලසහෝදරයා අවේගයට පත්ව කාමරයේ නිදාගෙන සිටි අංගවිකල සහෝදරියට පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදුකර ඔහුගේම තවත් වැඩිමහල් සහෝදරියකටද තුවාල සිදුකර පලා ගොස් තිබුණි.

පොලු පහරින් බරතල තුවාල ලැබූ සහෝදරියගේ හිසෙන් අධික ලෙස රුධිරය වහනය වීමෙන් පසුව මරණයට පත්ව ඇති බව නොරොච්චෝල පොලිසිය සදහන් කරයි. පසුව සැකකාර බාල සහෝදරයාව ප්‍රදේහවාසීන් විසින් ලුහුබැද අල්ලා නොරොච්චෝල පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණි. සැකකාර සහෝදරයා අධික ලෙස ගංජා පානයට ඇබ්බැහිවූ අයෙකු බවත්, නිරන්තරයෙන් මරණයට පත්වූ සහෝදරිය සහ පවුලේ අනෙකුත් අය සමග අඩදබර ඇති කර ගන්නා බව පොලිසිය කල මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝල පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.සහෝදරයා විසින් මන්ද මානසික වැඩිමහල් සහෝදරියට පොල්ලකින් පහරදී ඝාතනය කරයි….