පොහොට්ටු මන්ත‍්‍රීවරයෙක් බන්ධනාගාරයේදී මිය යයි…

Prison
By Thaya Mar 25, 2021 07:34 PM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වැලිකඩ බන්ධනාගාරයේ දී මියගිය ගොස් තිබේ. වැලි ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ගැනීමේ චෝදනාවට ලක්ව ඔහුට වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු කර තිබියදී මෙසේ මියගොස් ඇත. කොටවෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු 46 හැවිරිදි අයෙකි. වැලි ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේ අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටියදී හදිසියේ අසනීප වූ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් ව ඇතැයි පොලිසිය කියයි.